පසුගිය කාලයේ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් අනාවරණයක්

0
13


පසුගිය කාලය පුරා පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබුණේ ත්‍රිවිධ හමුදා පුහුණුව ලබා ඉන් ඉවත්ව ගිය පුද්ගලයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එම පුද්ගගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සඳහන් කළ අමාත්‍යවරයා; මේ වනවිට 1,700කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසුවේ.

මහනුවර ප්‍රදේශයේ දී අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාතාල ක්‍රියාකාරකම් නැවත නැවතත් සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ පිළිබඳව රජයක් ලෙස දැඩි අවදානයක් යොමුකර ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ඒ සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here