පස්සර, උඩගම ප්‍රදේශයේ දැරියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් එම දැරිය ඊයේ රාත්‍රියේ පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා. කෙසේවෙතත් එම මරණය සැක සහිත බවට පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මියගිය දැරිය සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතික්ෂාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම දැරියගේ ශරීරයේ තුවාල සලකුණු ඇති බවට ඇය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බැවින් එම මරණය සැක සහිත මරණයක් බවට තීරණය කර තිබෙනවා.
එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 07ක් වූ දැරියක්.
කෙසේවෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Saru FM Media