පස් මසකට පසු කොමර්ෂල් බැංකුව අවදිවෙලා; මුදල් හුවමාරු සීමා කරයි; බැංකුවට නඩු වැලක්

0
3

කොමර්ෂල් බැංකුවේ ComBank Digital වෙබ් අඩවිය හරහා වෙනත් බැංකුවලට සිදුකරන මුදල් හුවමාරු අවමසීමාවකට යටත් කිරීමට කමර්ෂල් බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් එහි පාරිභෝගිකයන් වෙත එම බැංකුව කෙටි පණිවුඩයක් (SMS) එකක් නිකුත් කර ඇත.

ඒ අනුව ComBank Digital වෙබ් අඩවිය හරහා වෙනත් බැංකුවකට හුවමාරු කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂයකි.

දිගින් දිගටම ජනතාව මත වරද පටවමින්ද, ComBank Digital සමාන ව්‍යාජ වෙබ් අවඩි ඇති බවට මාධ්‍ය මගින් සිදුකරන ලද අනාවරණවලට අවලාද නගමින්ද වගකීම් විරහිතව හැසුරුණු කොමර්ෂල් බැංකුව අවසානයේ හෝ මේ තීන්දුව ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අස්වැසිල්ලක් ලබනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති.

ComBank Digital ව්‍යාජ ඇප් කිහිපයක් පැවැතීම හේතුවෙන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගිකයන් දහස් ගණනකගේ මුදල් සංවිධානාත්මක පිරිසක් විසින් කොල්ල කෑමේ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් මේවන විට විවිධ අධිකරණවල නඩු ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දැක්වූ පාරිභෝගිකයන් කිහිපදෙනෙකු කියා සිටියේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ලිඛිතව මහ බැංකුව ද දැනුවත් කළ ද මහ බැංකුවෙන්ද මෙතෙක් සාධාරණයක් නොවූ හෙයින් ඉදිරියේදී සිය මුදල් අයකර ගැනීමට කොමර්ෂල් බැංකුවේ වංචාසහගත ක්‍රියාවන්ට එරෙහිව එරෙහිව මහේස්ත්‍රාත් හා වානිජ අධිකරණවල නඩු පවරණ බවයි.කොමර්ෂල් බැංකුවේ ඒකාබද්ධ ඩිජිටල් බැංකු විසඳුම් ලබාදෙනු ලබන්නේ ලෝක ප්‍රකට මූල්‍ය සේවා තාක්ෂණ විසඳුම් සපයන Fiserv, Inc. විසින් බවද වාර්තා වේ.

කොමර්ෂල් බැංකුව විසින් පාරිභෝගිකයන්ට යවන ලද කෙටි පනිවුඩය පහත දැක්වේ.

” හිතවත්  ගනුදෙනුකාරභවතුනි, ComBank Digital වෙබ් අඩවිය හරහා වෙනත් බැංකු වෙත සිදුකරන මුදල් හුවමාරු සීමාව රු100,000 දක්වා සංශෝධනය කර ඇති බව කරුණාවෙන් සලකන්න. ComBank Digital ජංගම යෙදුම (Mobile App) හරහා මුදල් හුවමාරු සිමාවන් පෙර පරිදිම නොවෙනස්ව පවතින අතර, ඔබගේ පහසුව සඳහා ComBank Digital ජංගම යෙදුම භාවිතා කිරීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු .

ස්තූතියි.”

📌 සබැඳි පුවත් :

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here