පවුලේ කෑම බීම ගැන අම්මලාට උපදෙස් ටිකක්

0
13


අපේ පොඩි පැටව් කන්න ගියාම ඉවරක් නැතුව වතුර බොනවා.  මේ නිසා ආහාර වෙනුවෙන් තිබෙන අවශ්‍යතාවයත් ඉක්මනින්ම සීමා වෙනවා. සමහර විට අම්මලා වුනත් මේ ගැන එතරම් තැකීමක් නොකලත් වතුර බොන ගමන් ආහාර ගැනීම එතරම් යහපත් දෙයක් නොවෙයි. වතුර බොමින් ආහාර ගත් විට ආමාශ යුෂ තනුක බවට පත් වෙනවා.ඒ නිසා වතුර බොන්න පෙරාතුට ඒ ගැන දරුවාට අවවාදයක් දුන්නොත් හොදයි.

අම්මලා විදිහට නිවසේ ආහාර වට්ටෝරුව පිලියෙල කරන විට මේ ගැනත් ටිකක් හිතන්න. තිත්ත දේවල් දරුවන් නම් කැමැති නැහැ. ඒත් තිත්ත ‍දේ ආහාරයට ගැනීමෙන් ආමාශයික යුෂ ඝ්‍රාවය උත්තේජනය වීම වගේම අහිතරක මේදය උරා ගැනීමත් සිද්ධ වෙනවා.

අම්මලා නිතරම දරුවන්ට දෙන පීඩනට ඔබටත් හුරු ඇති. දරුවන්ට කන්න බොන්න ගියාම වෙලාවක් කලාවක් ගැන මිම්මක් නැහැ. ඒවායේ බර ඉතින් අම්මලානේ. අම්මලා සෑහීමට පත් වෙන්නේ හබුං කටයි බත් දෙකටයි…කියල බත් ටික සේරම කැවාමයි. ඒ නිසා ඉත්මනින් කන්න කියන විධානය දරුවාට නිතරම ලැබෙනවා.

නමුත් මෙය නොකල යුත්තක්…ඒකටත් හේතුවක් තිබෙනවා. ඉක්මනින් ආහාර ගැනීමේදී ආමාශයික යුෂ වෙනුවට වෙහෙසකර හෝර්මෝන උත්තේජනය වීමේ ප්‍රවනතාවය ඉහලයි. ඒ නිසා දරුවන්ට ඉක්මනින් කන්න…කියන විධානය නොකරනවා නම් වඩාත් හොඳයි.

අම්මා විදිහට ඔබ නිවසේ ආහාර පිළියෙළ කරන විට මේද , සීනි වෙනුවෙන් වැඩි තැනක් දෙන්න එපා. බාල කාලයේ පටන්ම දරුවන්ට හිතකර විදිහට ආහාර රටාව පිලියෙල කර දීම ආදරනීය මවකගේ වගකීමක්. ඒ නිසා සමබල ආහාර වගේම තන්තු ගැන වැඩි අවධානයක් ‍ලබා දෙන්න. මේදය, සීනි වෙනුවට තන්තු වෙනුවෙන්  වැඩි තැනක් ලබා දීම ඉතාම හොඳයි. එය දරුවාගේ වගේම ඔබේ සහ සැමියාගේ නීරෝගීබවටත් හේතුවක් වෙනවා.

පළතුරු යුෂ කිරීමට වඩා විකා කෑම වඩාත් සුදුසුයි. ඊට හේතුව යුෂ පිලියෙල කරන විට අපි සීනි සහ ලුණු වැනි අතිරේකත් එකතු කුරනවා. ඒ වගේම පැගිරි කුලයේ පළතුරු යුෂ කරන විට ” සිනෙෆින් ” රසායනය මුදා හරිනවා. එවිට රුධිර නාල අවහිර වීම නිසා හිසරදය තත්වය ඇති වෙන්න පුලුවනි.

සමහර විට අපි දරුවන්ට පළතුරු දෙන විට යම් යම් සීමාවන් පනවා ගනන්වා. අපේ පුතා කන්නේ මේ පළතුරු විතරයි.. ඒ වගේම සමහර විට වාරයට තියෙන විට අපි ඒ පළතුරුටම යොමු වෙනවා. ඒත් මෙය නොකළ යුත්තක්. නිතරම පළතුරු වුනත් විවිධත්වයකින් ආහාරයට ගන්න.

අපි හිතනනේ සුප් බොන්නේ රෝගීන් විතරයි කියල වුනත් සුප් දියර ඉතාම ගුණ දායකයි. කොලස්ටරෝල් සහිත රෝගීන්ට වගේම තරබාරු උදවියට සුප් වඩාත් ගුණදායකයි. ඒත් මේ ගුණය ලැබෙන්නේ සුප් වෙනුවෙන් ඔබ අන්තර්ගත කරන අමුද්‍රව්‍ය අනුවයි. මේ සදහා කරපිංචා, සේර වගේම වෙනත් කුළුබඩු එකතු කිරීම නිසා වැඩි ගුණයක් ලබා ගැනීමට පුලුවනි. අද බොහෝ අම්මලා සුප් පිලියෙල කරන විට කේාන්ෆලවර් සහ වෙනත් ක්‍රිම් සහ සෝස් වර්ග එකතු කළත් අපේ අතීතයේ සුප් පිළියෙල කිරීමට යෙදූ අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද…? එදා ගෘහනියන් බොහෝ සේ එක් කර ග්තතේ ගොටුකොළ, කැරට්, බෝංචි, හතු, අල වැනි ද්‍රව්‍යන්. ඒ වගේම සුප් දරුවන්ගේ පරිපූරක ආහාරයක්. වැඩිහිටියන්ට වුනත් ආහාර රැචිය ඇති කිරීමට සහ ජීරණ අපහසුතාවයන්ට සුප් බොහෝ සේ ගුණ ලබා දෙනවා.

පලා වගේම සලාද කොළ මොන තරම් ගුණ වුනත් දැන් හැම දෙනෙක්ගේම සාධාරණ සැකයක් තියෙනවා. මේවාට යොදන පොහොර සහ වෙනත් බෙහෙත් නිසා අගුණ වේවි යන සැකය ඇති වෙලා. එහෙම නම් අපේ ගෙවත්තේම පලා වරග හදා ගනන් පු’චි හෝඩුවාවක් මෙන්න. සලාද කොළ දණ්ඩ වගේම කංකු , ගොටුකොළවල මුල් වතුර වීදුරුවක දමා දින එතක් පමණ වේලා තියෙන විට මුල් ඇදෙනවා. එයින් පසුව පුංචි පෝච්චියක මේ පලා වගා කර ගෙන අපේ පරිභෝජනයට ගැනීමට පුලුවනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here