ඔබේ දවසින් වැඩිම කාලයක් ගෙවෙන්නේ පරිගණකය ඉදිරිපිට විය හැකියි. ඉතින් ඒ නිසාම අප සිතුවා පරිගණකය නිසා අපට වන අපහසුතාවන් පිලිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි කියලා. බලන්න, මේ රෝග ඔබටත් තියෙනවා නම් දැන් ප්‍රතිකාරය පහසුයි නේද කියලා.
ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහි මුලික ලක්ෂණ වනවා .
පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම නිසා කොඳු ඇට පෙළෙහි පහළ කොටසෙහි ඇතිවන වේදනාව
නිතර මවුසය ස්පර්ශ කිරීම නිසා මැණික් කටුවේ අස්ථි මෙම රෝගයට ගොදුරු වෙනවා. ඒ නිසා අත හිරිවැටීම පාලනය කරගන්නට නොහැකි වනවා.
මහපට ඇඟිල්ල සහ මැණික් කටුව නිතරම චලනය වීම හේතුකොට ගෙන කන්ඩරා වල ඇතිවන සීරීම්නිසා දැනෙන වේදනාව මෙහි රෝග ලක්ෂණයයි.
මවුසය නිතර ස්පර්ශ කිරීම හේතු කොටගෙන ඇඟිලිවල චලනය සම්බන්දිත කන්ඩරා සිරීම නිසා එතුළ දැවිල්ලක් සහ වේදනාවක් හට ගන්නවා.
අත, උරහිස, සම්බන්ද වන කන්ඩරා නිතරම එහා මෙහා චලනය වීම නිසා සුළු අංශභාග රෝග තත්වයක් ඇතිවීම මෙහි අවාසනාවන්ත තත්වය වෙනවා.
පරිගණක තිරය දෙස බලාසිටිමේදී වැරදි ඉරියව්වකින් සිටීම නිසා කොඳු ඇට පෙලේ ඉහල කොටසට හා බෙල්ලේ මාංශ පේශිවලට හානි සිදුවේ. එහිදී එම ඉන්ද්‍රියයන් වේදනාවට පත්වීම මෙහි ලක්ෂණයයි.
බෙල්ලේ සිට දෙඅත් කරා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සංකෝචනය වීම නිසා අත්වල බෙල්ලේ සහ පපුවේ ඇතිවන වේදනාව මෙම රෝගයේ ලක්ෂණ වනවා.
මේ සියලු දෙයට පිළියම වන්නේ නිවැරදි ඉරියව්, අවම කාලය සහ නිසි ව්‍යායාම් වනවා. ස්වයං කායික චිකිත්සාව මගින් සිරුරේ වේදනාවන් සමනය කිරීම වර්තමානයේ සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමයක් වී තිබෙනවා.
– චම්මි –
Saru FM Media