පරාජිතයන්ගේ සිහින බොඳ වෙයි – ආණ්ඩුවෙන් අලුත් සැලසුම්

0
11


ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා වූ බදු ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා සැලසුම් සහගත ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව ප්‍රවේශ වී තිබේ.

විපක්ෂයේ ඉතා සීමිත පිරිසක් පමණක් මේ අවස්ථාවේ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කළ ද, විශාල පිරිසක් රටක් ලෙස කල්පනා කිරීමෙන් ආණ්ඩුවට සහයෝගය පළ කර තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අලුත් බදු ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමත් සමඟ ලොව පුරා කොටස් වෙළඳපොල විශාල ලෙසින් පසුබෑමකට ලක් වූ අතර, එම බලපෑමෙන් සැලකිය යුතු මට්ටමකින් පසුබෑමකට ලක් වූ කොළඹ කොටස් වෙළඳපොල යථා තත්වයට පත් කර ගැනීමට ආණ්ඩුවේ සැලසුම් අනුව හැකි විය.

ඊට අමතරව, ඇමරිකාව සමඟ නිල වශයෙන් ශ්‍රී ලංකාව ඍජුව ම සාකච්ඡා පවත්වා විශාල බදු සහන ප්‍රමාණයක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here