ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමත ධාවන බලපත් නැතිව මහනුවර සිට මතුගම බලා ධාවනය වීමට තිබූ පුද්ගලික බස්රියේ ධාවනය තහනම් කිරීමට මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය අකටයුතු කර තිබේ.
එම බස් රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමත මගී ප්‍රවාහණ බලපත් නොමැතිව කාලයක් තිස්සේ හොර රහසේ විවිධ ලියකියවලි ඉදිරිපත් කර මහනුවර සිට මතුගම දක්වා මගීන් ප්රවාහණය කර ඇති බවයි.
ඒ අනුව එම පුද්ගලික බස් රථය මධ්‍යම පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (25) පස්වරුවේ හදිසියේ පරීක්ෂා කොට එම බස් රියේ ධාවනය අත්හිටුවා ඇත.



1
Saru News










