පරණ t-shirtඑකෙන් ලස්සන බෑග් එකක්

0
4

පරණ වුණත් අයින්කරල දාන්න හිතෙන්නෙ නැති ලස්සන t-shirt එකක් ඔබටත් තිබෙනවා නම් මෙන්න ඒ t-shirtඑක තවත් ටික කාලයක් පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක්. මේ ක්‍රමයට බෑග් එකක් සකසාගැනීමට විනාඩි පහක් වත් ගතවන්නෙ නැති තරම්.

අවශ්‍ය දේවල්:

  • කතුරක්
  • පරණ t-shirtඑකක්

සාදන අයුරු:

T-shirtඑක සමතලා මතුපිටක අතුරාගන්න.  එහි යට වාටියකපා ඉවත්කර පසෙකින් තබාගන්න. T-shirtඑක දිගු අතට දෙකට නමන්න. කර කොටස සහ අත් කොටස අර්ධ කවාකාර හැඩයක් සිටින සේ කපා ඉවත්කරගන්න. දැන් T-shirtඑක දිගහැර බැලූවිට tank-top එකක් ලෙස දිස්වනු ඇත. T-shirtඑක කණපිට හරවාගන්න. කර කොටස එකට එකතුකොට කලින් කපාගත් යට වාටිය කොටසින් තදින් ගැට ගසාගන්න. දැන් නැවතත් හොඳපිට හරවා ගන්න.

කඩේට, පුස්තකාලයට, පන්සලට ගෙනියන්න වගේම ඔබේ කුඩා දුවට, පුතාට සෙල්ලම්බඩු දමාගෙන යන්නත් කදිමයි. විවිධ වර්ගයේ බොත්තම්, පබළු සහ සීක්වීන්ස් ආදිය අල්ලා තවත් අලංකාරවත් කළහැකියි.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here