කළුතර සහ පානදුර ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල රන්වැටවල්, ඝන්ටාර, දොළොස් මහේ පහන් ගලවා සොරකම් කළ අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පින්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු සහ සැකකාරිණිය අත් අඩංගුවට ගන්නා ලද බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හා 42 හැවිරිදි වියෙහි පසුවන අඹුසැමි යුවළක්.
සැකකාර යුවළ විසින් සොරාගෙන පිත්තල කඩවලට අලෙවි කර තිබූ දොළොස් මහේ පහනක්, ඝන්ටාර තුනක්, දේවාල පහනක්, රන්වැටවල් දෙකක රන් ආලේපිත කණු 04ක් සහ කුඩා පිත්තල පහන් 06ක් සොයා ගත් බව පොලිසිය පැවසුවා.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Saru FM Media