පන්දු යවන්නන්ගේ අපලය වාසනාවක් ද විය හැකියි…

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 19, කොළඹ LNW

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මතීශ පතිරණගේ ආබාධය නිසා ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක කැඳවීමට තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට නම් කිරීමෙන් අනතුරුව වෙනස් වන තෙවන පන්දු යවන්නා ඔහුයි.පළමුවම එංගලන්තය සමඟ පැවති තරගාවලියේදී ඒෂාන් මාලිංග ආබාධයකට ලක්වීම නිසා ප්‍රමෝද් මධුෂාන් ට කැඳවීමක් ලැබුණා.දැන් මතීශ පතිරණ නිසා ඩිල්ෂාන් මධුශංකට කැදවීමක් ලැබී තිබෙනවා.මේ වේග පන්දු යැවීම් වෙනස්වීම් මැද දඟ පන්දු යැවීමේදී දක්ෂතා දක්වන වනිඳු හසරංග ආබාධයට ලක්වීම නිසා දුෂාන් හේමන්තත කැඳවීමට පියවර ගනු ලැබුවා.

ඔස්ට්‍රේලියා තරගයේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නා වූූයේ දුශාන් හේමන්තයි.ඔස්ට්‍රේලියාව දුෂාන් හේමන්තට වනිඳුව තරම් අධ්‍යයනය කර නොමැති වීම බොහෝ විට ඊට හේතුව වන්නටත් තිබුණා.අද සිම්බාබ්වේ සමඟ පැවත්වෙන පළමු වටයේ අවසාන තරගයට ඩිල්ෂාන් මධුශංකගේ පැමිණිම ශ්‍රී ලංකාවට නොසිතූ වාසියක් අත් කර දිය හැකියි.ඔහු ඉතාම විශිෂ්ඨ දස්කම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දක්වන්නට සමත් වූ පන්දු යවන්නෙක්.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හී ක්‍රියා කළාපයේ වැදගත්කම ද මේ තරගාවලියට ඒෂාන් මාලිංගගේ සිට ඩිල්ෂාන් මධුශංක දක්වා නම් කරන ලද පන්දු යවන්නන්ගෙන් ද පැහැදිළි වෙනවා.ඒෂාන් රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ වන අතර ප්‍රමෝද් මධුෂාන් හම්බන්තොට තේරපුත්ත විද්‍යාලය හරහා පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වෙනවා.එසේම ඩිල්ෂාන් මධුශංක හුංගම විජයබා විද්‍යාලය හරහා ක්‍රිකට් පිටියට පිවිසි අයෙක්.මේ විද්‍යාල තුනම තවමත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවවත් නොකරන පාසල් වුව ද,මේ වන විට එවැනි අයටත් දක්ෂතා මතින් පෙරට එන්නට මඟක් රටේ සැකසී ඇති බව පෙන්වන සාධක හැටියට මේ වේග පන්දු යවන්නන් හැඳින්විය හැකියි.

The post පන්දු යවන්නන්ගේ අපලය වාසනාවක් ද විය හැකියි… appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here