නෙස්ලේ, 120 වසරක විශිෂ්ටත්වය සමරයි

0
4

ගුඩ් ෆුඩ්, ගුඩ් ලයිෆ් (Good Food Good Life) තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස 1906 වසරේදී ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි.

නෙස්ලේ ලංකා සමාගම දේශීයව අලෙවි කරන නිෂ්පාදනයන්ගෙන් 90%ක්ම ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරනු ලබයි.

ළදරුවාගේ සිට මහලු විය දක්වා සෑම වයස් කාණ්ඩයකම පෝෂණ අවශ්‍යතා සපුරාලන රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම නෙස්ලේ ලංකා සමාගම දශක ගණනාවක් තිස්සේ අවධානය යොමුකර ඇති කාරණාවක් බව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස බර්නාඩ් ස්ටෙෆාන් මහතා කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (10) නෙස්ලේ ලංකා සමාගමට වසර 120ක් පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම දේශීය පොල් සහ කිරි ගොවීන් සමඟ සමීපව කටයුතු කරමින් දිගු කාලීන සහජීවනය හරහා ගොවීන්ගේ කුසලතා වර්ධනය සහ වගකීම් සහගත ප්‍රසම්පාදනය හරහා ඔවුන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට ද සහය දක්වන එම සමාගම දේශීය ආර්ථිකයටද සුවිසල් දායකත්වයක් ලබා දෙන බව ස්ටෙෆාන් මහතා පවසයි.

මෙම 120 වසරක සැමරුම ශ්‍රී ලාංකීය පවුල් සිය සමාගම කෙරෙහි තැබූ විශ්වාසයේ සහ ශක්තිමත් හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් බවද ඔහු කීය.

ඉදිරි දශක කිහිපය තුළ ද වගකීම් සහගතව සහ ගුණාත්මක නිෂ්පාදන ලබා දෙමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය පොහොසත් කිරීමට සිය සමාගම කැපවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

NESTOMALT සහ MILO වැනි සුප්‍රසිද්ධ සන්නාමයන් හරහා මෙරට ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රහයලබාදීම ද සිදු කරන නෙස්ලේ ලංකා සමාගම විශිෂ්ට නිෂ්පාදනයන්ගෙන් පමණක් නොනැවතී රටපුරා විවිධ ප්‍රජාවන්වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද කැපවී සිටියි.

එසේම පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන වගකීම් සහගතසමාගමක් ලෙස සෑම විටම සිය මෙහෙයුම්වලදී ලබාදෙන සහයෝගය ද ඉතා විශාලය.

පරිසරය සුරැකීමට දැඩි කැපවීමකින් කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම, 2050 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයක් (Net Zero) කරා ළඟා වීමේ ඉලක්කය සහිතව මේවන විට කටයුතු කරමින් සිටී.

2019 වසරේදී ප්ලාස්ටික් බට වෙනුවට කඩදාසි බට හඳුන්වා දීම සහ කුරුණෑගල පිහිටි සිය නිෂ්පාදන මධ්‍යස්ථානය සඳහා 100%ක්ම පුනර්ජනනීය විදුලිය භාවිතා කිරීම ඔවුන් ලබා ඇති විශාල ප්‍රගතියකි.

2026 වසර වන විට 100%ක් ‘ප්ලාස්ටික් මධ්‍යස්ථ’ (Plastic Neutral) සමාගමක් බවට පත්වීම ඔවුන්ගේ මීළඟ ප්‍රධාන අරමුණ වී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here