නෙල්ලි වලින් රසවත් බීමක් හදමුද?

0
16


රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස් භේදයකින් තොරව පානය කළ හැකි රස ගුණ සපිරි නෙල්ලි පානයක් මෙන්න මේ විදිහට හදල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොදින් පැසුණු නෙල්ලි ග්‍රෑම් 150
  • කස ඇට තේ හැදි 02
  • දෙහි යුෂ තේ හැදි 02
  • වතුර ලීටර් 1. 5
  • අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු
  • අයිස් කැට (කැමති නම්)

සාදා ගන්නා ආකාරය:

කස ඇට වලට වතුර ටිකක් එකතු කර පසෙකින් තබන්න. නෙල්ලි ගෙඩි ටික හොඳින් සෝදා පිරිසිදු කර කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩරයට දමා එයට වතුර ටිකෙන් ටික එක්කර අඹරා ගන්න. ඉන් පසුව භාජනයකට වතුර දමා එයට අඹරා ගත් නෙල්ලි යුෂ දමා අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු රසය අනුව එක්කර කලවම් කර පෙරා ගන්න. පිළිගැනවීමට පෙර වතුර පෙරාගත් දෙහි යුෂ, කස ඇට සහ අයිස් කැට එක්කර ගන්න. අවශ්‍ය නම් ශීතකරණයේ තබන්න. මෙම ප්‍රමණය දස දෙනෙකුට පමණ ප්‍රමාණවත් වේ.

වැනිලා අයිස් ක්‍රීම් හෝ විපිං ක්‍රීම් ස්වල්පයක් සමඟින් පිළිගනවන්නත් පුළුවන්. නෙල්ලි කන්න අකමැති අයත් අනිවාර්යයයෙන්ම රස කර කර මෙම රසවත් ‘නෙල්ලි බීම’ පානය කරනවා නිසැකයි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here