නෙදර්ලන්ත තානාපති හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

0
3

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර විශේෂ හමුවක් අද (24) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විස්තරාත්මක සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ. 

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග, පාලම් සහ බෝක්කු පිළිසකර කිරීම සඳහා සහය ලබාදීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද කරුණු හුවමාරු කරගෙන ඇති අතර, ඉදිරියටත් ශක්තිමත් සහයෝගයක් ලබාදීමට නෙදර්ලන්ත පාර්ශවය කැමැත්ත පළ කළ බව සඳහන් වේ.

මෙම හමුව දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වන බව නෙදර්ලන්ත තානාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here