නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

0
8

අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද අලුයම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇති අතර මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වේ.

ඒ අනුව බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ  15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව තිබුණි.

වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 25.3ක් මුලතිව්වලින් වාර්තා වී ඇති අතර, හම්බන්තොට සෙල්සියස් අංශක 22ක් හා කොළඹ සෙල්සියස් අංශක 22.1ක් ලෙස උෂ්ණත්වය වාර්තා වුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here