නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

0
8

පුල්මුඩේ නගරයේ වෙළෙඳසැලක බලපත්‍ර නොමැතිව වැඩි මුදලට ඩීසල් අලෙවි කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුවය.

එහිදී පොලීසිය එම වෙළෙඳසැල වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී නීතිවිරෝධී ලෙස  රැස්කර තබාගත් ඩීසල් ලීටර් 390ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගවට ගත් සැකකරු අර්පත් නගර්, පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (04) කුච්චවේලි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුල්මුඩේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here