නීතිවිරෝධී අයුරින් ඉන්ධන තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 25,000ක් පමණ වටිනාකමින් යුත් පෙට්‍රල් ලීටර් 80කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සොයා ගෙන ඇත.
බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු අදාළ ඉන්ධන තොගය වැඩිමිලට අළෙවි කිරීම සඳහා අටුලුගම ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට ඇති බවය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0
Saru News
















