නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

0
9

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමක් පිළිබඳ සාකච්ඡාවක් දැනට ආණ්ඩුව තුළ නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා, නීතිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඔබතුමන්ලාගෙ යම්කිසි හෝ අදහසක් තියෙනවාද ? මොකද, 21 විරෝධතාවයකුත් තියෙනවා ….

“එහෙම එකක් දැනට සාකච්ඡා වෙලා නැහැ. දීර්ඝව ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න බැහැ. නමුත් ඔබ දකින දේ සම්බන්ධයෙන් අපිත් සැලකිල්ලෙන් ඉන්නෙ කියන එක කියන්න පුළුවන්”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here