දිවුරුම් ප්‍රකාශයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දෙමින් නීතිඥවරයෙකු අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ලබන 03 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නොතිසි නිකුත් කර තිබෙනවා.
නීතිඥ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුනේ
එම නීතිඥවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයෙක් සහ සේවා දායකයකු අතර පවතින වරප්‍රසාදමය කරුණු පිළිබඳව බාහිර පාර්ශවයකට ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කර සිටියා.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට එම කොමිසම විසින් නිකුත් කර තිබෙන ලිපියට නීතිඥ ප්‍රජාව දැඩි විරෝධය පළ කරන බවත් යම් ගැටලුවක් තිබෙනවා නම් එය විසඳාගත යුත්තේ අධිකරණය තුළ බවත් ඔහු සඳහන් කර සිටියා.
මේ ආකාරයෙන් නීතිඥවරු අල්ලස් කොමිසම හමුවට කැඳවීම වැරදි ක්‍රියාවක් බවත් අල්ලස් කොමිසම විසින් ඒවා තිබෙන එම ලිපියද අධිකරණයට ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කරුණු සම්බන්ධයෙන් ලබන 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසමට නොතිසි නිකුත් කළා.
Saru FM Media