නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමෙන් නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි වෙයි..

0
4

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ LNW :

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැකිරාව ප්‍රදේශයේ සේවය කළ නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කර ඇති අතර, එය ඇයගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ බරපතළ චෝදනා මත පදනම් වී ඇත.

2023 වසරේදී මහෙස්ත්‍රාත් අධිකරණයක තිබූ නඩු ගොනුවකින් පිටු ඉරා සපා කෑම සහ ඇයට පනවා තිබූ තාවකාලික තහනම නොතකා වෘත්තියේ නිරත වෙමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම විය.

අදාළ වරදවල් පිළිගැනීමෙන් පසු ඇයට වසරක අත්හිටවූ සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් පැනවීමට විනිසුරු මඩුල්ල තීරණය කළහ.

ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කිරීමට නියෝග කළ අධිකරණය, එම තීරණය නීතිඥ සංගමයට සහ අදාළ පහළ අධිකරණ වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබේ.

අවසාන වශයෙන්, ඇයගේ ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසටද විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

The post නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමෙන් නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි වෙයි.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here