නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

0
11


මොරගහහේන ඔලබොඩුව ප්‍රදේශයේ කැලෑබඳව මහාපරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකරන ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා .

එහිදී මත්පැන් ලීටර් 101 මිලි ලීටර් 250 (බෝතල් 135) ක්, මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3876 මිලි ලීටර් 750 ක් (බැරල් 21) ක්, තඹ දඟර 03 ක්, ලිප් 03 ක් සහ නිෂ්පාදනය සඳහා යොදාගැනීමට ගෙනා සීනි කිලෝග්‍රෑම් 230 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ .

එම මත්පැන් සමඟ සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සැකකරු වයස අවුරුදු 32 ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here