ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 26 වන දින රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ දී සිදුකරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ අතර හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞවරවය සඳහා මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී චිත්‍රපට ශාලාවේ තැන්පත් කර තැබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම අභාවප්‍රාප්ත වුණා.
භාවප්‍රාප්ත වන විට ඇය 78 වන වියෙහි පසු වුණා.
Saru FM Media