වටලප්පම්… ජාති ආගම් බේදයකින් තොරව කවුරුත් කන්න කැමතිම අතුරුපසක්. ලංකාවේ අපේ මැලේ ජාතිකයන්ගෙන් කරලියට ආවයි කියලයි කියන්නෙ. අලගිය මුලගිය තැන් කොහොම උනත් මේ රසවත් අතුරුපස හදාගන්න ක්‍රම දෙක තුනක් කියල දෙන්නයි මේ හදන්නෙ. හිල් හිල් ටෙක්ස්චර් එක තියෙන, පිළීගඳ නැති, පැණි බේරෙන වටලප්පමක් හදාගන්න රස රහස් ටිකකුත් කියල දෙනව අද. හදමු එහෙනම් වටලප්පම්.
පුඩින්ද? වටලප්පන්ද?

Image Source – balanceblog.bistromd.com
වටලප්පන් වලට පොල් කිරි මිසක් ෆ්‍රෙශ් මිල්ක් හෝ මිල්ක්මේඩ් පාවිච්චි කරන්නෙ නැහැ. ඒවා දාල හකුරු දාල හදන්නෙ පුඩිමක් මිසක් වටලප්පමක් නෙවෙයි.
උකු පොල් කිරි ගන්න

Image Source – plated.com
උකු පොල් කිරි ගන්න. පොල් කිරි දිය ගතියට වැඩි නම් වටලප්පන් එක හොඳට සෙට් වෙන්නෙ නෑ. හුඟක් වෙලා ස්ටීම් කරන්නත් වෙනව. කිරි මිරිකල ෆ්‍රිජ් එකේ පැයක් විතර තියල වතුර ටික යටට බැස්සම උඩ එකතු වෙන පොල් ක්‍රීම් එක ගන්නත් පුළුවන්. ලංකාවෙන් පිට ඉන්න පොල් හොයාගන්න අමාරු අයටත් ටින් කළ පොල් ක්‍රීම් ගන්න පුළුවන්.
තද පාට කිතුල් හකුරු ගන්න

Image Source – airfreshener.club
තද පාට කිතුල් හකුරු ගන්න. වටලප්පම පාට කරන්න සමහරු සීනි කැරමල් කරල එකතු කරනව. තද පාට කිතුල් හකුරු ගත්තොත් එහෙම කරන්න අවශ්‍ය නෑ. හකුරු හොයාගන්න බැරි අයට කිතුල් පැණි හෝ දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරිම වටලප්පම හදන්නෙ කිතුල් හකුරු වලින්.
බිත්තර පිළී ගඳ

Image Source – medicalnewstoday.com
සමහරු වටලප්පන් කන්න කොච්චර ආස උනත් නොකා ඉන්නෙ බිත්තර පිළී ගඳයි කියල. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ. බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න එක. අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව.
හිල් හිල් තියෙන වටලප්පම

Image Source – twitter.com
වටලප්පමේ හිල් හිල් ගතිය තියෙන එක තමා නියම වටලප්පම. ඒ විදියට හදාගන්න නම් බිත්තර විතරක් බීට් කරන්න. හැමදේම එකට දාල බීට් හෝ බ්ලෙන්ඩ් කලොත් හිල් හිල් ගතිය එන්නෙ නෑ.
1. හකුරු වටලප්පන්

Image Source – kitchensimmer.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ගා ගත් කිතුල් හකුරු 400g (වෙනම හකුරු 100g කුත් පැත්තකින් තියාගන්න)
- උකු මිටිකිරි 320ml
- බිත්තර 8
- ලුණු චුට්ටක්
- කරදමුංගු කරල් 8ක්
- ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න.
- බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න.
- ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.
- වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 100 අතුරාගන්න.
- එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.
- වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.
- අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.)
2. පැණි වටලප්පන්

Image Source – pinterest.co.uk
අවශ්‍ය ද්‍රව්‍ය
- කිතුල් පැණි 400ml
- උකු පොල් කිරි 350ml
- බිත්තර 8
- කරදමුංගු කරල් 8
- ලුණු චුට්ටක්
- පැණි වලට පොල් කිරි එක් කර මිශ්‍ර කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර වලට ලුණු එක් කර පෙර සඳහන් කළ පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න.
3. සීනි වටලප්පන්

Image Source – sbs.com.au
අවශ්‍ය ද්‍රව්‍ය
- දුඹුරු සීනි 450g
- උකු පොල් කිරි 300ml
- බිත්තර 8
- කරදමුංගු 8
- සීනි ටික පොල් කිරි වලට එක් කර හොඳින් දිය කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර එක් කර මිශ්‍ර කර පෙර පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න.
Cover Image Source – recipe30.com/ theflavorbender.com
The post නිවැරදිම විදිහට රසවත්ම වටලප්පම් වර්ග 3කින් හදාගන්න රෙසිපි appeared first on Lifie.LK.
Saru FM Media