නිවසේදීම henna treatment එකක් නිවැරැදිව කරගන්නේ කොහොමද ?

0
15


නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ඕනෑම කාන්තාවකට අපූරු ලස්සනක් එකතු කරනවා.ඉතිං අද අපි කතා කරන්නේ ඒ වගේ නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ලබා ගැනීම සඳහා ගෙදරදීම හෙනා සත්කාරයක් නිවැරදිව කර ගන්නෙ කොහොමද කියන කාරණාව ගැන. සැලොන් ගිහින් හෙනා ට්‍රීට්මන්ට් කරන ඔබට මේ කාලෙ සැලොන් යන්න අපහසු නිසා මේ ලිපිය වැදගත් වේවි කියල අපි හිතනව. ප්‍රථමයෙන් henna treatment එකකින් කොණ්ඩයට ලැබෙන වාසි ගැන අපි දැනුවත් වෙමු.

කොණ්ඩයට තද පැහැයක් එක් වීමට අමතරව හෙනා සත්කාරයක් කිරීමෙන් වාසි රැසක් හිමිවෙනවා.

කොන්ඩයට අමතර පෝෂණයක් ලැබෙනවා

මෙම සත්කාරයට බිත්තර භාවිතා කරන බැවින් විටමින් E ,A ,B,බයෝටීන් සහ ප්‍රෝටීන් වැනි සංඝටක අඩංගුවන නිසා ඉතා හොඳ පෝෂණයක් ඔබේ කෙස් කළඹට ලැබෙනවා.

දිගු කෙස් කළබක් ලබා ගත හැකියි

මෙම සත්කාරයෙන් ලැබෙන පෝෂණය නිසා ඔබේ කොණ්ඩය දිගු වීමට එය උපකාරී වනවා

කෙස්වල දීප්තියද මේ හරහා වැඩිවනවා

අවශ්‍ය ද්‍රව්‍ය

හෙනා පව්ඩර් මේස හැඳි 2ක්

උණු වතුර

බිත්තර 01ක්

යෝගට් / මුදවපු කිරි මේස හැඳි 3ක්

Olive Oil තේ හැඳි 2ක්

Vitamin E කරල් 3ක්

පියවර 1
හෙනා පවුඩර් මද රස්නෙ උණු වතුරෙන් හොඳින් මිශ්‍ර කර ගන්න

පියවර 2
එම මිශ්‍රණය ශීතකරණයේ පැය 2ක් හෝ 3ක් තැබීමෙන් පසු මිශ්‍රණය ශීතකරණයයෙන් ගෙන මදක් තියෙන්නට හැර යෝගට්,බිත්තර සහ ඔලිව් තෙල් එයට එක්කර හොදින් මිශ්‍ර කර ගන්න

පියවර 3
අවසානයේ කෙස් අග සිට මුල දක්වා හොදින් ආලේප කර ගැනීම

පියවර 4

විනාඩි 45ක් පමණ වියළෙන්න හැර හොඳින් සෝදා හැරීම (ෂැම්පු භාවිතා නොකොට සෝදන්නේ නම් වඩා හොඳයි )

පීනස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් හෙනා ප්‍රතිකාරය කිරීමෙන් වළකින්න

හොඳින් හිරුඑළිය වැටී ඇති දිනක උදය වරුවක මෙම ප්‍රතිකාරය කරන්න

හෙනා මිශ්‍රණය ආලේප කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පූ දමා සෝදා ගන්න. කන්ඩිෂනර් යෙදීම නොකරන්න

මිශ්‍රණයේ කහට අත්වල තැවරෙන බැවින් ග්ලවූස් දෙක්ක භාවිත කරන්න

මසකට වරක් හෝ මෙම සත්කාරය සිදු කළ යුතුයි.

සෑම විටම ස්වාභාවික ක්‍රම භාවිතා කිරීමට උත්සහ කරන්න.

කොණ්ඩා මෝස්තර දැමීමට, කොණ්ඩය staight කිරීමට  උණුසුම් මෙවලම් භාවිතය සීමා කරන්න.

උණුසුම් වතුරෙන් හිසකෙස් සේදීමෙන් වළකින්න.

ඔබේ නාන කාමරයේ ජල කරාමයට පෙරණයක් භාවිතා කරන්න. එය ක්ලෝරීන් සහ බැර ලෝහ වැනි වර්ණක රසායනික ද්‍රව්‍ය පෙරීමට උපකාරී වෙනවා.

සැලොන් යන්න බැරි මේ කාලෙ මේ විදියටම නිවසේදීම හෙනා ට්‍රීට්මන්ට් එකක් කර ගන්න ඔබට දැන් පුලුවන්.මේ ක්‍රමයෙන් ඔබටත් ඔබේ කෙස් කළඹ ඉතාමත් ආකර්ශනීය කර ගත හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here