නිතාරි වල අතුරුදන් වෙන ගැහැණු ළමයින්ට ඇත්තටම මොකද උණේ

0
22


මීට කාලෙකට කලින් ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදුවුන කාන්තා මරණ ගැන සිදුවීම ඔබට අමතක නැතුව ඇති. මේ සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දියාවේ නිතාරි වලත් මීට අවුරුදු කිහිපයකට කලින් වෙලා තියෙනවා. අවුරුදු කිහිපයකට කලින්  නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම ඉතාම බරසාර විදියට අරගෙන මේ ගැන හොයලා බලන්න පටන් අරගෙන තියෙනවා. මේ ගැන හොයාගෙන යනකොට පොලිසියට දැනගන්න ලැබිලා තියෙන්නේ අමුතුම කතාවක්.

මුඩුක්කු ජනාවාස සහ සුඛෝපබෝගී ජනාවාස

අපි අද ඔබත් එක්ක බෙදාගන්නේ මේ අමුතු සිදුවීම ගැන. නිතාරි කියන්නේ මුඩුක්කු නිවාස වැඩි හරියක් තියෙන හුදෙකලා වුන ගමක්. ළමා ජාවාරම්, අවයව ජාවාරම් වගේම ගණිකා ජාවාරම් වගේ දේවලුත් මේ නිතාරි වල සෑහෙන්නම සිද්ද වෙන බව වාර්තා වෙලා තියෙනවා. නිතාරි වලට යාබදව තියෙන්නේ සෙක්ටර් 31 කියන නමින් හැඳින්වුන සුඛෝපබෝගී නිවාස වලින් සමන්විත වුණ ජනාවාසයක්.නිතාරි වල මිනිසුන් දුක් විඳිමින් එදිනෙදා ජීවිකාව සරි කරගන්න උත්සාහ කරන අතරේ, මේ සෙක්ටර් 31 වල ජීවත් වුන මිනිස්සු සුවපහසු සැපවත් ජීවිතයක් තමයි ගෙවලා තියෙන්නේ.

අතුරුදන් වෙන ළමෝ

අපි දැන් නිතාරි දිහාවට යමු. 2005 මුල් කාලෙදි ඉඳන්,නිතාරි වල ගැහැණු ළමුන් අසාමාන්‍ය විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. ගණිකා නිවාස වල සේවයට යොදවන්න වගේම, සිඟමනේ යැවීම් කටයුතු සඳහාත් නිතාරි වල ළමුන් පැහැරගන්න එක සාමාන්‍ය සිදුවීමක් වෙලා තිබුන නිසා සෑහෙන්න ළමයි ප්‍රමාණයක් පැහැරගන්නකල්ම මේ සිදුවීම ගැන පොලිසියේවත් , නිතාරි වැසියන්ගේවත්, ඒ අතුරුදහන් වෙන දරුවන්ගේ දෙමාපියන්ගේවත් අවධානය යොමු වෙලා නැහැ. ඒ හින්දාම මේ අතුරුදහන් දාමයේ මුල් සිදුවීම් නිකම්ම යට ගිහින් තියෙනවා.

ජෝති සාරිය සමඟම අතුරුදන් වීම

බාරතී සහ ජෝති කියන්නේ ජම්මු සහ නීනා ගේ ආදරණීය දියණියන් දෙදෙනා. 2005 ජුනි 20 වෙනිදා ජෝති එයාගේ අම්මගේ සාරියක වෙනස්කමක් කරවගන්න නිතාරි වල ටේලර් සාප්පුවකට යන්නේ එදා නීනාට ඉතාම කාර්‍යබහුල දවසක් වීම නිසා. ලේසියකට ගෙදරින් එලියට යන්න ඉඩක් නොලැබෙන නිසා ජෝතිත් ඇයට ලැබුන අවස්තාව ඉතාම කැමැත්තෙන් බාර අරගෙන තියෙනවා. ඇය මේ ටේලර් සාප්පුව දිහාවට ඇවිදගෙන ගිහින් තියෙන්නේ තනිවම. ඒ වගේම මේ ටේලර් සාප්පුව තිබිලා තියෙන්නේ අර අපි කලින් කීව සෙක්ටර් 31 කියන ප්‍රදෙශයේ. මේ යනකොට පාරේ වැටිලා තිබුණ කෙසෙල් ගෙඩියක් අහුලගන්න ජෝති, ආයෙම හැරිලා ගෙදර දුවනවා. ඒ ගිහින් කෙසෙල් ගෙඩියෙන් භාගයක් තමන්ගේ අක්කා වුන බාරතීට දීලා ආයෙම අම්මගේ සාරිය හදවගෙන එන්න පිටත් වෙලා තියෙනවා. මේ විදියට  ගෙදරින් ගිහින් සෑහෙන වෙලාවක් යනකල් ජෝති ගෙදර ඇවිල්ලා නැහැ. මේ වෙද්දීත් නිතාරි වල ගැහැණූ දරුවන් කිහිප දෙනෙක්ගේම අතුරුදහන් වීම් සිදු වෙලා තිබුන බව දැණුවත් වෙලා උන්න නීනා කලබල වෙලා ජෝතිව හොයාගෙන ටේලර් සාප්පුවට  ගිහින් තියෙනවා.

“අනේ මගේ ජෝති ආවද අයියේ ?…”

” ආවා ආවා නීනා .. ඒත් එවෙලේ මගේ මැශින් එක කැඩිලා තිබුණේ.. මම ජෝතිට කිව්වා සාරිය තියලා යන්න. හෙට ඇවිල්ලා අරගෙන යන්න කියලා.. ඒත් ජෝති සාරියත් අරගෙන ගියා…”

ටේලර් සාප්පුවේ අයිතිකාරයා එහෙම කියලා තියෙනවා. නීනා මේ ආරංචිය එක්ක තව කලබල වෙනවා. ඇය මුලු නිතාරි වලම තියෙන  ටේලර් සාප්පු වල ජෝති ගැන ආරංචියක් හොය හොයා ඇවිදිනවා. ඒත් ඇයට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. නීනා ආයෙම ගෙදර එන්න පිටත් වෙනවා. ඒ සෙක්ටර් 31 පැත්තෙන්. ඒ එනකොට ඇය දකිනවා සෙක්ටර් 31 වල සුවපහසු නිවසක ගේට්ටුව අසල ඒ නිවසේ හිමිකාරයා වුණ සිං පාන්ඩර් ඉන්නවා. ඒ වෙද්දීත් නිනා සිංව දැනගෙන උන්න නිසා ඇය ඔහුගෙනුත් ජෝති ගැන විමසලා  ඉක්මනට පිටත් වෙලා තියෙනවා. සිං පාන්ඩර් විවාහ වෙලා  දරුවකුත් ඉන්න, එහෙත් ඔවුන් චන්දිගර් වල නවත්තලා ටහ්නියෙන් සෙක්ටර් 31 වල ඉන්න  ධනවත් ව්‍යාපාරිකයෙක් නිසාම නිතාරි වල බොහෝ දෙනා ඔහුව දැනගෙන ඉඳලා තියෙනවා.

රැයක් පුරාම ජෝතිව සෙවීම

නීනා සහ ජම්මු අසල්වාසින් එක්ක එකතු වෙලා මුලුරෑම  ජෝතිව හොයලා තියෙනවා. ඒත් කිසිම ආරංචියක් නොලැබුන නිසා දෙන්නා එක්ක පහුවෙනිදා උදේම පොලිසියට ගිහින් තියෙනවා. ඒත් පොලිසියෙන් මේ දෙන්නට ලැබිලා තියෙන්නේ සමච්චල් සහගත ප්‍රතිචාරයක්.

” එයා කොල්ලෙක් එක්ක පැනලා යන්න ඇති .. ආයේ ඒවි ..”

පොලිසිය  නීනාලව එලියට දාලා තියෙන්නේ පැමිනිල්ලවත් ලියාගන්නේ නැතුව. මේ අතර වාරයේ එලැඹෙන මාස කිහිපයේ  නිතාරි වල තවත් ගැහැණු ළමයින් කිහිප දෙනෙක්ට අතුරුදහන් වෙලත් තියෙනවා.  ඒත් පොලිසිය මේ කිසිම දෙයක් වගකටවත් අරගෙන නැහැ.

මාධ්‍ය ඇස් නිසා ඇරුණු පොලිසියේ ඇස්

කොහොමහරි මේ විදියට දිගින් දිගටම ගැහැණු ළමුන් අතුරුදන් වෙනකොට මේ සිදුවීම දිහාවට මාධ්‍ය වල අවදානය යොමු වෙලා තියෙනවා. ඉන් පස්සේ පොලිසියට තවදුරටත් මේ සිදුවීම වහන් කරගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඔවුන් පරීක්ෂන ආරම්භ කරලා තියෙනවා.

ඒ පොලිස් පරීක්ෂණ වලදී ඔවුන්ට දැනගන්න ලැබිලා තියෙන විදියට මේ අතුරුදහන් වුන ගැහැණු ළමයි ඔක්කොමලා වගේ අවසාන වතාවට දකින්න ලැබිලා තියෙන්නේ එකම පාරක මීටර් සීයක් වගේ දුරක් ඇතුලේ. ඊට පස්සේ මේ මීටර් සීයක ප්‍රදේශට බ්ලැක් හෝල් කියලා නම් කෙරෙනවා.

” ඇතැම් විට මේ ගැහැණු දරුවන් ගණිකා නිවාස වෙනුවෙන් පැහැර ගන්න ඇති ..”

ඒ නිවේදනය එක්ක පොලිසිය ඒ අවට තිබුන හැම ගණිකා නිවාසයක්ම පරික්ශා කරන්න ගන්නවා. ඒ වැටලීම් වලදී ඔවුන් ගැහැණු ළමුන් 21 දෙනෙක් මුදාගත්තත් ඒ අතර ජෝතිවත් , නිතාරි වලින් අතුරුදන් වුන අනෙක්  ගැහැණූ ළමුන්වත් ඉන්නේ නම් නැහැ.

බ්ලැක් හෝල්

පොලිසිය මේ පරීක්ෂණ කරගෙන යන අතරවාරයෙත් මේ බ්ලැක් හෝල් කියලා හඳුන්වලා දුන්න මාර්ග කොටසේදී ගැහැණු ළමුන් දෙන්නෙක් අතුරුදන් වීම එක්ක මේ සිදුවීම දිහාවට මාධ්‍ය ඇහැ වැඩිපුර යොමු වෙනවා. මේ බ්ලැ හෝල් කියන කොටස පොලිසිය විසින් යලි යලි පරික්ශා කරන්නේ ඒ අනුව.

 නිතාරි සහ සෙක්ටර් 31 වෙන් වෙන සීමාවේ තිබුන මේ බ්ලැක්  හෝල් ප්‍රදේශයේ විශාල වතුර ටැංකියක් තිබිලා තියෙනවා. නිතාරි වල  ගොඩක් ළමයි මේ වතුර ටැංකිය ලඟ සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. දවසක් ක්‍රිකට් ගහමින් උන්න ළමයි අතින් ඔවුන්ගේ බෝලයක් මේ වතුර ටැංකිය ලඟ පදුරකට විසි වෙලා තියෙනවා. එතැනදි ඔවුන් දැකලා තියෙනවා කපලා වෙන් කරපු අතක් දාපු පොලිතින් බෑග් එකක්. මේ ගැන පොලිසියට කිව්වත්, ඔවුන් ඒ සිදුවීමත් ගනනකට නොගෙන බැහැර කරලා  තියෙනවා.

ජෝති අතුරුදහන් වෙලා අවුරුද්දකුත් ගෙවෙනවා. ඒත් පොලිසියෙන් මේ ගැන කෙරුණ කිසිම දේකින් ප්‍රතිපලයක් නම් ලැබිලා  නැහැ.

සිං පාන්ඩර් ගැන සැකය

ඒ අතරේදි නිතාරි වල මිනිස්සුන්ගේ සැකය සෙක්ටර් 31 වල ඉන්න සිං පාන්ඩර් දිහාවට යොමු වෙන්න අරගෙන තියෙනවා.  

” ගොඩක් වෙලාවට සිං පාන්ඩර්ගේ ගෙදරට ගණිකාවෝ යන එනවා.. ඒ වගේම ඔහු දැඩි ලෙස බීමතට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්..තරුණ ගැහැණු ළමුන් එක්ක තමයි ඔහු සාද දාන්නේ… ඒ වගේම ඔහු එක්ක ඉන්න සුරේන්ද්‍ර ගැනත් විශ්වාස කරන්න බැහැ… ඔවුන් ඉන්න ගෙදර තියෙන්නේ බ්ලැක් හෝල් එකට කිට්ටුව.. ඒ වගේම ඔවුන්ගේ නිවසින් පිටතට එන අප ජලය එක්ක ඉතාම කටුක ගන්ධක් එනවා.”

නිතාරි වැසියන් එහෙම කතා බහ කරනවා. පොලිසියට කියනවා. ඒත් පොලිසිය ඒ ගැන අවධානයක් යොමු කරන්නේත් නැහැ.

පයාල්ගේ ඉරනම් ගමන

ඒත් 2006 මැයි මාසේ වෙන සිදුවීම එක්ක පොලිසියේ ඇස් ඇරෙනවා. සිං පාන්ඩර්ගෙන් ලැබුණ ඇමතුමක් නිසා නිතාරි වල උන්න පයාල් කියන අවුරුදු 22 ක් වුන ගැහණු ළමයෙක් සිංගේ ගෙදරට යනවා,

” තාත්තේ සිං මහත්තයා මට එන්න කිව්වේ. සමහරවිට ආයේ වෙන  රස්සාවකටද දන්නේ නෑ..”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here