නිතරම කොණ්ඩය යනවා නම් මේ ප්‍රතිකාර අදම කරන්න ..

0
11


සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?

සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.විටමින් B, C හා E මෙන්ම ඛනිජ වර්ග හා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහල් වතුරේ තියන නිසා ලැබෙන පෝෂණය ඉතාම ඉහළයි.

සහල් වතුරෙන් රූපලාවණ්‍ය සත්කාර කරන්න පුරුදු වෙලා ඉන්නේ ආසියාතික රටවල කාන්තාවන්. චීනයේ සහ ජපානයේ කාන්තාවන්ගේ රූ රහස් අතර ප්‍රධාන තැනක් සහල් වතුරට හිමි වෙනවා.

මෙය කොණ්ඩේ යනවාට ඉතා හොඳ විසඳුම් ලැබෙන සත්කාරයක්.

මෙය කොණ්ඩයේ ප්‍රමාණය වැඩිකර ගැනීමට ඉතා අපූරු ප්‍රතිකාරයක්.

මෙය ගැට ගැසෙන කොණ්ඩයට අපූරු කන්ඩිෂනර් එකක්.

මේ දේවල් ඉතා හොඳ ස්වභාවික සත්කාර වුණත් ඔබට මේවා නොගැළපෙන හෝ ප්‍රතිඵල රහිත අවස්ථා ද තියෙන්න පුලුවන්.වරක් දෙවරක් කළ පසු ඔබට යම් ආසාත්මිකතා මතු වෙනවා නම් යළි ඒ සත්කාර නොකළ යුතු බවත් මතක තියා ගන්න.

රූපලාවණ්‍යගාර වලට මුදල් වියදම් නොකර ඉතා සුළු වෙලාවක් වැය කරලා ගෙදරදීම ලස්සන වෙන්න සහල් වතුර යොදා ගන්න මේ විදියට ඔබට පුලුවන්. අපි ඊළඟට සහල් වතුරෙන් මුහුණට කළ හැකි සත්කාර ගැන කතා කරමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here