නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන සනිටුහන් කරමින් P628 නෞකාව මංගල ගමනේ..

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ LNW :

ඇමරිකානු වෙරළාරක්ෂක බලකායෙන් මෙරට නාවික හමුදාවට නිල වශයෙන් පවරා දුන් P628 නෞකාව සිය මංගල ගමන ආරම්භ කර ඇති බව රජයේ නිළ වෙබ් අඩවිය පවසයි.

නාවික සැතපුම් 14,000කට වඩා අධික දුරක් ගෙවා දමමින් ශ්‍රී ලංකාව බලා පැමිණෙන මෙම යාත්‍රාව, මෙරට නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන සනිටුහන් කරනු ලබයි.

විශේෂයෙන්ම, පැනමා ඇළ හරහා ගමන් කරන ප්‍රථම ශ්‍රී ලාංකික නෞකාව ලෙස මෙය වාර්තා අතරට එක්වන බව සඳහන් වේ.

කපිතාන් ගයාන් වික්‍රමසූරිය ඇතුළු 86 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් හසුරුවනු ලබන මෙම නෞකාව, මැයි මස මුලදී ත්‍රිකුණාමලය වරායට ළඟා වීමට නියමිතය.

මෙම ඓතිහාසික මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරික ශක්තිය තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වන සුවිශේෂී පියවරකි.

The post නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමන සනිටුහන් කරමින් P628 නෞකාව මංගල ගමනේ.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here