නාමල්ගේ ලොකුම හොරකම පිළිබඳව සීඅයිඩී පරීක්ෂණ ඇරඹේ

0
13


මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) නියෝග කළාය.

ඔහු වංචනික ලෙස නීති විද්‍යාලීය විභාගයට පෙනී සිට ඇති බව දක්වමින් පුරවැසි බලය සංවිධානය අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් විභාගයට ගැනීමේදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් එම පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.

නාමල් රාජපක්ෂ වංචනික ලෙස නීති විභාගයට පෙනී සිටි බවට කරුණු ඉදිරිපත් කළ තවත් විභාග අපේක්ෂකයෙකු හට එල්ල වූ මරණ තර්ජන හමුවේ රටෙන් පළා ගියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here