Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් තවත් විනිසුරුවෙක් ඉවත්වේ

නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් තවත් විනිසුරුවෙක් ඉවත්වේ

0
13


namal-chrish-judge

 ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවැනි විනිසුරුවරයාත් අද (මාර්තු 27) එම නඩු විභාගයෙන් ඉවත් වී තිබේ.
මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද පෙරවරුවේ දැනුම් දී තිබිණි.


ඒ අනුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී සුජීව නිශ්ශංක විනිසුරුවරයා ද දැනුම් දුන්නේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
එසේම මෙම නඩුව විභාගය සඳහා සුදුසු විනිසුරුවරයකු නම්කිරීම සඳහා මැයි 21 වනදා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ එය කැඳවන ලෙසත් නියම කරන ලදී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here