නිවසක නාන කාමරය අනිවාර්යයෙන්ම පිරිසිදුවට තිබිය යුතුම ස්ථානයක්. නිවසේ නාන කාමරය පිරිසිදුවට තබා ගැනීම කාන්තාවතගේ ප්‍රධාන වගකීමක් කිව්වොත් නිවැරදියි. ඉතිං මෙන්න මේ විදිහට නාන කාමරය පිරිසිදු කළොත් එය පහසු කටයුත්තක් වේවි.
නාන කාමරය පිරිසදු කිරීමට අවශ්‍ය උපකරණ වන ටොයිලට් සෝදන බ්‍රෂ් එකක්, ඒ සඳහා අවශ්‍ය සේදුම් කාරක, කිළිටි රෙදි දැමීමට මලු හා අපද්‍රව්‍ය දැමීමට මලු, ග්ලාස් ක්ලීනර්, කොස්සක් හා මොප් එකක්
කිලිටි රෙදි සියල්ල ඒ සඳහා රැගෙන ආ මලු වලට දැමීම.
අපද්‍රව්‍ය සියල්ල ඒ සඳහා වන මලුවලට දැමීම.
මේ සියල්ල නාන කාමරයේ පිටතින් තැබීම.
සින්ක් එක හොඳින් පිරිසිදු කිරීම.
ටොයිලට් එක සෙදුම් කාරක යොදා හොඳින් අතුල්ලා සේදීම.
එහි උඩ කොටසද හොඳින් පිරිසිදු කිරීම.
කණ්නාඩිය හොඳින් පිරිසිදු කිරීම.
නාන බේසම හොඳින් පිරිසිදු කිරීම.
නාන කාමරය හොඳින් අතුගා මොප් කිරිම.
– එරන්දතී –
Saru FM Media