නවීන ජංගම දුරකතන තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

0
11


නවීන ජංගම දුරකථන තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

ඔහු අද උදෑසන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 03ක් තුළ ජංගම දුරකථන 528ක් අසුරා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගත් නවීන ජංගම දුරකථනවල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික බවටද අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කලක් මැදපෙරදිග රාජ්‍ය ගණනාවක හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට ඔහු විවිධ භාණ්ඩ මෙරටට රැගෙන ඒමේ ප්‍රවාහකයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවටද අනාවරණ වී තිබෙනවා.     

   

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here