නවසීලන්ත නියෝජ්‍ය අගමැති ඇතුළු ධූත පිරිසක් අද (24) දිවයිනට

0
4


නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමති වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අගමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, වින්ස්ටන් පීටර්ස් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ඇති බවයි.
නියෝජ්‍ය අගමැති සමග නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුද මෙම සංචාරයට සහභාගී වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here