විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී අනු සූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් ද ඇතුළත් විය හැකි නවසීලන්ත ‘A’ කණ්ඩායමක්, එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීම සඳහා 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.එම කණ්ඩායම 2026 අප්‍රේල් 2 වන දින මෙරටට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම සංචාරයේදී ජාතික කණ්ඩායමේ ඉදිරි වෙනස්කම් සඳහා අවශ්‍යයය කරන දක්ෂයන් සම්බන්ධයෙන් මේ තරගාවලියේදී අවධානය යොමු කරනු ඇත.එසේ ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීමට මෙන්ම තරුණ හා නැගී එන ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට මෙම තරගාවලිය පිටුවහලක් කර ගනු ඇත.
තරග කාලසටහන
අප්‍රේල් 5 පළමු එක්දින GICS, ගාලු දින තරගය
අප්‍රේල් 8 දෙවන එක්දින MRICS, හම්බන්තොට දින තරගය
අප්‍රේල් 11 තෙවන එක්දින MRICS, හම්බන්තොට දින තරගය
අප්‍රේල් 16 සිට 19 දක්වා පළමු සිව්දින තරගය MRICS, හම්බන්තොට
අප්‍රේල් 23 සිට 26 දක්වා දෙවන සිව්දින තරගය MRICS, හම්බන්තොට


The post නවසීලන්ත ඒ කණ්ඩායම අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට appeared first on LNW Sinhala.
Saru News
















