නවක වදයෙන් සියදිවි නසාගත් සිසුවාගේ සිද්ධියට සබරගමු සරසවියේ සිසුන් 4 දෙනෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

0
3


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අද (4) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

අදාළ නවක වද සිදුවීම සම්බන්ධව පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here