නවක වදය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු සිසුන් සිව්දෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට

0
5


නවක වදය ලබාදීමේ චෝදනා මත ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා අද දිනයේ බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙක්.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 08ක්.

නවක වදය ලබාදීමේ චෝදනා මත මීට පෙර අත්අඩංගුවට ගැණුනු සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකාර සිසුන් සිව්දෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ද සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් සිව්දෙනෙක්.

මෙම නවක වදය ලබාදීමේ සිද්ධිය මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ශාන් නැමති සිසුවා පසුගිය 29 වනදා සියදිවි හානි කරගෙන තිබුණා. 

එම සිසුවාට සහ තාක්ෂණ පීඨයේ තවත් සිසුන් පිරිසකට ඉකුත් 26 වන දින හෝ ඊට ආසන්න දිනකදී නවක වදය ලබාදුන් බවට තාක්ෂණ පීඨයේ සිසුන් කිහිප දෙනෙකු විශ්වවිද්‍යාල පාලන අධිකාරියට පැමිණිලි කර තිබුණා. 

එම සිද්ධියට සම්බන්ධ සිසුන් 09 දෙනෙකු පැමිණිලිකාර සිසුන් විසින් හඳුනාගෙන ඇති බවයි ශිෂ්‍ය විනය පාලක විසින් එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ.

ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කඩිනමින් ක්‍රියා කරන ලෙසද විනය පාලකවරයා සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගෙන් ඉල්ලා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරික්‍ෂණ සිදු කරනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here