නවක වදය නිසා දිවිනසා ගත් සබරගමු සිසුවාගේ මරණයේ උණුහුමවත් ගියේ නෑ! නවක වදයට විරුද්ධ වූ ජපුරෙ සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන් පහර දීලා! VIDEO I Sri Lanka Latest News

0
10


නවක වදයට විරුද්ධ වූ තමන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පහරදුන් බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.  Sri Lanka Latest News

ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාලයේ සිව්වන සහ තුන්වන වසරවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් තමාට පහර දුන් බවයි. 

මෙම සිද්ධිය වාර්තා වන්නේ, සබරගමුව සරසවියේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධිය වාර්තා වී දින කිහිපයක් ගතවන්නටත් මත්තෙන් වීම විශේෂත්වයක්. 

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේදීයි. 

මෙම සරසවි සිසුවා සිය දිවි නසා ගැනීමට පාදක වූ සිදුවීම සහ ඊට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සහා තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත කියා සිටියේ. 

මිය ගිය චරිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ අටබාගේ ඉහළගම ප්‍රදේශයේදී සිදුකෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here