අමෙරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවීමට ගිය අවස්ථාවේදීම, අමෙරිකානු බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට හැකි වූ බව ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
එහිදී ආසියානු කලාපය තුළ අමෙරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව පමණක් බවට අමෙරිකානු බලධාරීන් විසින් පැසසීමට ලක් කළ බවද එයින් පෙන්නුම් කරන්නේ නිසි වේලාවට වැඩ කිරීම හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව යැයිද ඇමති ආචාර්ය අනිල් ජයන්ත පැවසීය.
මේ හරහා අමෙරිකාව සමඟ ඇති කර ගැනීමට හැකි වෙළඳ සහයෝගීතාව ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බව කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
Saru FM Media