නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

0
2

2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පළාත් වෙත ලබා දී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය කියාසිටියාය.

එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, ඒ අනුව පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here