පාදුක්ක, බෝපේ රාජසිංහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඊයේ (19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්
මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය එක්වූවා.
බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රටක
ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් ක්‍රියාකාරී පුරවැසියන් බිහි විය යුතු බවයි.
ඒ සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැනි වැඩසටහන් වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බවත් ඇය පෙන්වා දුන්නා.
එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කළ ප්‍රශ්නවලට ද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.
පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට අදියරෙන් අදියර හදුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවත්
අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පෙන්වා දුන්නා.
විශ්වවිද්‍යාල තුළ නවකවදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇය අවධාරණය කළා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කාර්යභාරය සහ
ක්‍රමවේදය පිළිබඳව දැනුම්වත් කිරීමක් සිදු කළා.
Saru FM Media