නගිනවා නගිනවා පැමිණිලිත් නගිනවා! Sri Lanka Latest News

0
13


පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත පසුගිය සඳුදා වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 801ක් බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

එම පැමිණිලි අතරින් 625ක් සඳහා විසඳුම් ලබාදී ඇති බවත්, තවත් පැමිණිලි 176කට අදාළව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඔහු පැවැසීය.

ලබන මැයි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු පිළිබඳ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට අදාළව සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් රත්නායක මහතා පැවැසීය.

ඒ සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

පළාත් මට්ටමින් අවශ්‍ය වන ආරක්ෂාව පිළිබඳ දිස්ත්‍රික් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ එම ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාකච්ඡා කරන ලෙස යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවැසීය.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තවමත් ගණනය කර අවසන්ව නොමැති බවයි.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here