ධීවර සංස්ථාවේ මීගමු කළමනාකරු යතුරුපැදිකරුවකු හප්පා මරා දැමීම යට ගහලා

0
4

ලංකා ධීවර සංස්ථාවට අයත් කැබ් රථයක් අපරික්ෂාකාරීව පදවා යතුරුපැදි කරුවෙකු අනතුරට පත්කර මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරු වයි. ජී. යසන්ත මහතාට එම සංස්ථාව මගින් මෙතෙක් පරීක්ෂණයක් කර නැතැයි වාර්තා වේ.

ඔහු මේ අනතුර සිදු කර ඇත්තේ රාජකාරී වේලාවෙන් පසුව බවද පැවසෙන අතර අනතුර ඉකුත් ජනවාරි 13 වැනිදා රාත්‍රි 9.30ට පමණ මිගමුව කුරුස හංදිය ප්‍රදේශයේදී සිදුව තිබේ.

 සිද්ධියෙන් WP PH 2948 දරණ කැබ් රථය මේ අනතුරට ලක්ව ඇති බවත්,  අනතුරෙන් පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පැදිකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවා යසන්ත මහතා ඇප ලබාගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද, අනතුරෙන් පසුව රෝහල්ගතව සිටි යතුරුපැදිකරු රෝහලේදී මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් එම සංස්ථාව දැනුවත් කර නොමැති බවද පැවසේ.

මූලාශ්‍රය – වොයිස් ඔෆ් ශ්‍රී ලංකා

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here