දෝණි සහ මතීෂගේ IPL ගමන අවසන්

0
5


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් වේලාසනින්ම ඉවතට විසි වීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට සිදු වුණා. 

ඒ, පංජාබ් කින්ග්ස් ලෙවන් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරඟයද පරාජයට පත් වීම හේතුවෙන්. 

ඒ අනුව මෙවර තරඟාවලියේ ඔවුන් සහභාගී වූ තරඟ 10න් මෙතෙක් ජය ගැනීමට හැකි වූයේ තරඟ දෙකක් පමණයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරිතම කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට අවසන් වටයට පිවිසීමට නොහැකි වූ පිට පිට දෙවන අවස්ථාව මෙයයි. 

2024 වසරේ පැවති තරඟාවලියෙන්ද ඔවුන් වේලාසනින්ම ඉවතට විසි වුණා. 

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලෝක ක්‍රිකට් ප්‍රේක්‍ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට හේතුවක් වූයේ සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි සහ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් තරුව වන මතීෂ පතිරණ හේතුවෙන්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here