දේශබන්දුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. කමිටුවේ පරීක්ෂණ ඉදිරියට

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති විෂමාචාර චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව ඊයේ (මැයි 19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර පළමුවරට දේශබන්දු තෙන්නකෝන් එම කමිටුව හමුවේ පෙනී සිටියේය.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව සමන්විත වේ.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය ප්‍රතිවිරෝධතා දක්වා ඇත.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ පරීක්ෂණ කමිටුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කළ අතර විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට ද තීරණය කරන ලදී.

ඒ අනුව, කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිත ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here