දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙකු අත්අඩංගුවට

0
12


දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය 21 වනදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර පොලිස් වසමේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. 

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපියට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඉකුත් දා අත්අඩංගුවට ගැණුනා.

පොලීසිය පැවසුවේ ඩුබායිහී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි. 

මෙලෙස ඝාතනය කර ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here