දෙවිනුවර ද්විත්ව ඝාතනයට අදාල ගිනි අවිය සොයා ගැනේ 

0
15


ගන්දර පොලිස් වසමේ දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය ඝාතනය සඳහා යොදාගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවිය හා එම මැගසිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මතරඳවාගෙන සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුවයි .

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සඳහා යොදාගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවිය හා එම මැගසිනය යටියන පාර, කැකනදුර ප්‍රදේශයේ ඔහු කුලී පදනම මත පදිංචිව සිටි නිවසේ සගවා ඇති බවයි.

මෙම අපරාධයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබානවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here