දුම්රියේ ගැටී ජීවිත අනතුරු 2ක්!

0
12


රෂිකා හෙන්නායක

පැරකුම්පුර සහ අඹේවෙල අතර දුම්රිය මාර්ග පරීක්ෂාවකදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය කාර්ය සහයකයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ, දියතලාවේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් බව පැවසේ.

තවද, මන්නාරම සිරිනාවක්කුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටී 68 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ, තෛලයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රියට ඥාතීන් පිරිසක් නංවන අවස්ථාවේදී බව වාර්තා වේ. ඥාතීන්, දුම්රියට නංවා, නැවත ඉන් බැසීමට උත්සහ කරන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here