දුම්රිය දෙපාර්තමේන්තුවේ online ටිකට් වංචාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව දැනුම් දීමක්

0
13


දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව සඳහන් කළා. 

මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණා. 

කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. 

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින සැකකරුවන් හතර දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here