දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා –  ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

0
3

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවට ලංකා IOC සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින පුරා පිහිටි සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බව එම සමාගම අවධාරණය කරයි.

දැනට පවතින පෙට්‍රල් තොග ඉදිරි දින 34ක් සඳහා ප්‍රමාණවත් බව සඳහන් වේ.

එමෙන්ම පවතින ඩීසල් තොග ඉදිරි දින 26ක් සඳහා ප්‍රමාණවත් බව ලංකා IOC සමාගම පවසයි.

එබැවින් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර Sinopec ඉන්ධන පිරවුම්හල්වල ද ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ස්ථාවර සැපයුමක් පවතින බව එම සමාගම දැනුම් දී තිබේ.

එමෙන්ම Sinopec ඉන්ධන පිරවුම්හල්වල ප්ලාස්ටික් කෑන් හෝ වෙනත් බාහිර භාජනවලට ඉන්ධන පිරවීම සිදු නොකරන බවත් හෙට (02) පෝය දිනයක් වුවද ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන බවත් දැනුම් ද ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here