දිනපතා බිත්තර ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?

0
12


ඉතාම  පෝෂ්‍යදායී ආහාර වලින් එකක් ලෙස බිත්තර හඳුන්වන්න පුළුවන්. බිත්තරයක පෝෂණ ගුණය දෙස බැලුවහොත් එහි ප්‍රෝටීන් මෙන්ම  යකඩ, ඛනිජ ලවණ සහ විටමින් කිහිපයක් සහ මේදයද අඩංගුයි. මේ නිසාම දිනපතා බිත්තර ආහාරයට ගැනීම ඔබව සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරී වන බව නවතම අධ්‍යයනවලින් පවා මේවන විට තහවුරු කරගෙන තිබෙනවා.ඉතිං අද අපි කියන්න යන්නේ  දිනපතා බිත්තර ආහාරයට ගැනීමේ ඔබට ලැබෙන අනෙකුත් වාසි මොනාද කියන කාරණයයි

බිත්තරයක් යනු ප්‍රෝටීන් සහ මේදයේ  එකතුවක් සහිත  ආහාරයක්. දිනපතා පරිභෝජනය කරන විට එය ඔබව දිගු වේලාවක් තෘප්තිමත් කරනවා පමණක් නොව ඔබේ බර අඩු කර ගැනීමටද උපකාරී වනවා .

බිත්තරයක් යනු ඔබේ දවස ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දෙන මිල අඩු ආහාර වලින් එකක් වගේම  එය  පහසුවෙන් සාදා ගන්නත් පුළුවන් . බිත්තර කහ මදය තුළ විටමින් ඩී අඩංගු වන අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝගවලින්ද ඉක්මනින් සුවය ලබා ගත හැකියි. ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය විවිධ ඛනිජ ලවණ සහ විටමින් එහි අඩංගු බැවින් එය හොඳ ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ ගොඩනගනවා.
මොළයේ සෞඛ්‍යය වැඩි කරයි

බිත්තර දිනපතා ආහාරයට ගන්නා විට මතක ශක්තිය වැඩිදියුණු වනවා. ඒ  බිත්තර  සතුව  මනසට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වීම හේතුවෙන් . එහි විටමින් B12, B6, Choline සහ Folate පවතිනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ පුද්ගලයෙකුගේ මනෝභාවය සහ මතකය වැඩිදියුණු කරනවා. කාන්තාවකගේ දෛනික නිර්දේශිත කොලීන් අගයෙන් 26% ක් බිත්තරයක අඩංගු බව ද පැවසේ.\

සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල් නිපදවීමේ හැකියාව බිත්තර සතු විශ්මිත ගුණයක්. එමෙන්ම හදවත් රෝග  ඇති වීමද බිත්තර ආහාරයට ගැනීම නිසා අවම වනවා.

සෙලේනියම් සමේ සෞඛ්‍යයේ වැදගත් අංගයක් වන අතර බිත්තර  සතුව එම පෝෂණ ගුණය බහුලව පවතිනවා. ඔබ දිනපතා බිත්තරයක් අනුභව කරන විට, එය ඔබේ සම පෝෂණය කරන අතර එය නිරෝගීව තබා ගැනීමටද බෙහෙවින් උපකාරී වනවා.

ඔබත් ඔබේ දෛනික ආහාර වේලට බිත්තර එක් කර ගන්න.එය ඔබව නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් කරා මග කියාවි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here