දින 100ක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළටම ඇඳ වැටෙයි

0
10


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ පළමු දින 100 තුළ ඔහුගේ ක්‍රියාතාරීත්වය සම්බන්ධයෙන් අමෙරිකානුවන්ගේ අදහස් ගැඹුරින් සෘණාත්මක වී ඇති බව මත විමසුමකින් හෙළ වී තිබෙනවා. 

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ පළමු දින 100 තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ එම සමීක්ෂණයට එක්කර ගත් අමෙරිකානුවන්ගෙන් සියයට 41ක් පමණයි. 

එය ඉකුත් දශක 07ක කාලය තුළ අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පළමු දින 100 තුළ ලබා ඇති අඩුම ජනප්‍රියත්වය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථිකය හැසිරවීම සියයට 61ක් ප්‍රතික්ෂේප කරන බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. 

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ඊට දැඩි ලෙස බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. 

විධායක බලතල යොදාගන්නා ආකාරය සහ රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩු වීමට හේතුවී ඇති බවද එම වාර්තාවල සඳහන්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here