දිගට හරහට වෙඩි තියනවාට අමතරව තැනක් නොතැනක් නොබලා කොල්ලකන්නත් පටන් අරන්!‌ ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ ලෙවිට්ස්ගේ අකුරේගොඩ ගෙදරට පැනලා ලක්ෂ 31ක සල්ලි-රත්තරන් බඩු හොරකම් කරන් ගිහින්! I Sri Lanka Latest News

0
8


ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ ඩෙන්මාර්ක් ජාතික තෝමස් ඩැනියල් ලෙව්ටිස් මහතා තාවකාලිකව පදිංචි නිවසේ සේප්පුවක තැන්පත් කර තිබූ 3,197,000/= වටිනා මුදල් සහ දේපළ සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.Sri Lanka Latest News

සොරාගෙන ඇති දේපළ අතර ඇමරිකානු ඩොලර් 6000 ක්, රුපියල් 97000/= ක් රුපියල් 850000/= පමණ වටිනා රන්මාල දෙකක් , රන් කාසි පෙන්ඩන්ට් දෙකක් , කුරුස හැඩයේ රන් පෙන්ඩන්ට් එකක් මෙන්ම රුපියල් 450000/= වටිනා කාන්තා රන් මුදු තුනක් ඒ අතර වන බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ආර්ථික විද්‍යාඥයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමග තලංගම අකුරේගොඩ ,වැවපාර ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටින අතර නිවසේ මෙහෙකාර සේවයේ සඳහා මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක් නිවසට ගෙන්වා ගත් බවත් ඔහු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඔහුගේ නිදන කාමරයේ සේප්පුව තුළ විදේශ මුදල් ඇතුළු අනෙකුත් දේපළ මෙන්ම රන් ආභරණ දමා තිබූ බවත් එහි යතුරු නිවසේ තිබෙන බවත් අවසන් වරට ඉකුත් වසරේ නොවැම්බර් මස 3 වෙනි දින එම දේපළ තිබෙන බව දුටු බව තෝමස් ඩැනියල් ලෙව්ටස් මහතා කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ය.

ඉකුත් 12 වෙනි දින කටුනායක ගුවන්තොටුපළට යාමට මුදල් සොයා බැලීමේදී සේප්පුව තුළ ඒවා නොමැති බව දැනගත් බව සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here