පළාත් පාලන ආයතන ඡන්දයේ ඡන්ද පත්‍රිකා අප්‍රේල් මස 20 වැනි දින වනවිට සම්පූර්ණයෙන් ම මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ පසුගිය කාලයේ දී ඡන්ද පත්‍රිකා පළාත් පාලන 249ක මුද්‍රණය කර තිබූ බවත්, නැවත අධිකරණ නියෝග ප්‍රකාරව යළිත් මුද්‍රණය කිරීමට සිදු වූ බැවින් එම කටයුතු මේ වනවිට (අප්‍රේල් 17) සිදු කෙරෙමින් පවතින බවයි.
ඒ අනුව අප්‍රේල් 20 වැනි දින වන විට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.
තැපැල් ඡන්දය බාධාවකින් තොරව පැවැත්වීමට ලබාදිය හැකි උපරිම සහාය ද හිමිගැන්වෙන බවයි ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළා.
දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් බවයි වාර්තා වන්නේ.
Saru FM Media